Wednesday, April 22, 2015

ඔබ තුල සිටින මොහු හඳුනාගත්තද?







අපි කලින් කතා කරපු "අපේ සම්පත් අපිම රැකගමු."   එකෙනුයි "හැම යාළුවම වැදගත් මචන්"  එකෙනුයි දෙකෙන්ම, නායකයෙක් එහෙමත් නැත්නම් නායකත්වයක් ගැන කියවෙනවනේ.. ඇත්තටම නායකයො විදියට පත්වෙලා ඉන්නෙ කීයෙන් කී දෙනාද? දැන් මේක කියවන ඔබත් එහෙම නායකයෙක් විදියට පත් වෙලා නැතුව ඇතිනේ නේද? ඉතින් එහෙනම් අපි කලින් කතා කරපු දේවල් ඔබට වැදගත් වෙන්නෙ නැද්ද? මම ඔබේ තැන හිටියානම් මට හිතෙනවා අපිට ඒවා අදාළ නෑනෙ කියලා.. ඒත් අන්න එතනයි අපි වරද්දගෙන තියෙන්නෙ..


නායකත්වය එහෙමත් නැත්නම් අපි නිතරම කියන leadership එක කියන්නෙ තනතුරක්වත් position එකක්වත් නෙවෙයි. ඒක ඕනම කෙනෙක් ලඟ තියෙන්න පුළුවන් action එකක්. එහෙනම් ඇයි අපි ළඟ ඒක නැත්තෙ? හිතලා තියෙනවද කවදාවත් අපි ළඟ ඇයි ඒක නැති වුනේ කියලා? කවදාවත් අපි හිතන්නෙ නෑ.. ඒත් සමාජය අපෙන් බලාපොරොත්තු වෙන්නෙ වගේ දේවල්. ඇයි එහෙම වෙලත් අපි දේවල් ගැන හිතුවේවත් නැත්තෙ.. තාම අපි පරක්කු නෑ. දැන්වත් අපි ගැන හිතමු එහෙනම්..


නිකමට හිතලා බලන්න අපි දන්න, අපිට හොඳටම කරන්න පුළුවන් වැඩක් කරන වෙලාවක අපි එතන මූලිකත්වය අරගෙන කරලා නැද්ද? උදාහරණයක් විදියට උයන තැනකදි ගෙදර හැමෝම එකතු වෙලා උයන්න ගියත් මූලිකත්වය අම්මට ලැබෙනවානේ.. (ගෙදර ගෘහ මූලිකයා නොවුනත්) තේරෙනවා නේද මෙතන මොකක් හරි තියෙනවා කියලා.. අපි නම් කරන්න යන දේ වැඩියෙන්ම දන්න කෙනා, අපිට එතනදි මොකක්ද මන්දා තැනක් ඉබේම ලැබිලා තියෙනවා. හැබැයි කවුරුවත් අපිට මොනවහරි පට්ටමක් දුන්නද එතනදි? නෑනේ.. එහෙනම් අපි හදාගන්න ඕන අනිත් අයට අපි ගැන එහෙම ඉබේම දැනෙන්න ඕන දෙයක් මිසක් වෙනත් කෙනෙක් ලබා දෙන දෙයක් නෙවෙයි..



අපි කොහොමද වගේ පුද්ගලයෙක් වෙන්නෙ‍?

අපිට දැන් තේරෙනවානේ අනිත් අයගෙ හිතට එහෙම දැනෙන්නෙ අපේ ගාව විශේෂ දෙයක් තිබුනොත් විතරයි කියලා.. ඇත්තටම ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. අමුතුවෙන් දේවල් කරන්න ඕනත් නෑ. එහෙනම් අපි දැන් බලමු වගේ විශේෂ කෙනෙක් වෙන්න එදිනෙදා ජීවිතේදි කරන වැඩම අපි වෙනස් කරගන්න ඕන කොහොමද කියලා..



තමන් දන්න දේවල් අනිත් අයට කියලා දෙන්න.

ගොඩක් අය කරන්නෙ තමන් දන්න දෙයක් තියෙනවා නම් ඒක අමාරු බව කිය කිය වගේ අමාරු දෙයක් දන්න එකම කෙනා මම විතරයි කියලා ඔප්පු කරගෙන කැපී පේන්න යන එක.. ඇත්තටම එහෙම වුනාම එයාට අනිත් අය අතරෙ තැනක් ලැබෙනවා තමයි. ඒත් ඒකෙ එහෙම ඇති දෙයක් නෑ කියලා දැනගත්තම එයා ගැන ඇති වෙන්නෙ මොන වගේ feeling එකක්ද? එපා වෙනවා නේ.. ආපහු දෙයක් කිව්වත් අහන්නවත් හිතෙන්නෙ නෑ එතකොට.. 

ඒත් හිතලා බලන්න අපි අළුත් දෙයක් හොයා ගත්තම ඒකෙ වෙන දේ කියලා දුන්නොත් තව කෙනෙක්ට එයා දේ ඉගෙන ගත්තම ඒක කියලා දීපු නිසයි මම ඉගෙන ගත්තෙ කියලා ගෞරවයක් ඇති වෙනවා නේද



කිසිම වෙලාවක "මම" කියන වචනෙ use කරන්න එපා. "අපි" කියන වචනෙ use කරන්න.

අපි මොකක් හරි වැඩක් කරලා ඉවර වෙලා ඒක සාර්ථක වුනාම දැනෙන සතුටත් එක්ක අපිට නොදැනිම වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපිට දේ කරන්න හිටපු අනිත් අය කවුද කියලා අමතක වෙන එක. අපිට මතක තියෙන එකම දේ තමයි තමන් කරේ මෙන්න මේ වැඩ කොටස කියන එක. ඉතින් අපි ඒක තව කෙනෙක්ට කියන කොට වැඩි තැනක් දෙන්නෙ තමන්ව වර්ණනා කරගන්නනේ.. ඉතින් අපිට අන්න එතනදි හිටපු අනිත් අයව අමතක වෙලා "මම, මම" කිය කියා තමයි සිද්ධිය ගැන කියන්නෙ.. 

ඉතින් ඕක අපිත් එක්ක වැඩේ කරපු වෙන කෙනෙක්ට ඇහුනම එයාට අපි ගැන මොන වගේ ආකල්පයක්ද එන්නෙ.. එයිද අපිත් එක්ක ආපහු වැඩක් කරන්න? අන්න ඒකයි "අපි" කියන වචනෙ භාවිත කරන්න කියන්නෙත් එතනදි අනිත් අයගෙ නම් නොකිව්වත් "අපි" කියන වචනෙ ඇතුලෙ අනිත් නමුත් තියෙනවා නේද කියලා කලින් හිත රිදෙන කෙනෙක්ට දැන් අනිවාර්යෙන්ම හිතෙනවා.. 



කෙනෙක්ගෙ අතින් වැරදීමක් වුනෝතින් බනින්න එපා එ්කට. දේ හදන්න උදව් කරන්න.

වැඩක් කරන්න ගියාම ඊළඟට අපි කරගන්න ලොකුම වැරැද්ද තමයි කාගෙ හරි අතින් පොඩි හරි වැරැද්දක් වෙච්ච ගමන් එයාට බනින එක. එතනදි අපි වැදගත්ම දෙයක් අමතක කරනවා. තමයි එයා මේ දේ වැරුද්දුවත් මීට කලින් හරියට කොච්චර දේවල් කරලා තියෙනවාද කියන එක. ඇත්තටම අපි දෙයක් හරියට කරාම ඒක ගැන කතා කරන්නෙවත් නෑ නේද? එහෙනම් අපි ඇයි වැරදුනාම දොස් කියන්නෙ ඒකට

මේදේ ඔබට වුනොත් දැනෙන දේ පොඩ්ඩක් හිතලා බලන්න. ඒක නිසා කෙනෙක්ට වැරදුනොත් දොස් කියන එක වෙනුවට එයාට දේ හරිගස්සන්න අපිත් උදවු කලොත් එයාගෙ හිතේ අපි ගැන මොන වගේ ආකල්පයක් ඇති වෙයිද?



මිනිස්සුන්ව use කරන එක වෙනුවට එයාලව develop කරන්න.

ගොඩක් වෙලාවට අපි කරන්නෙ හැකියාවක් තියෙන කෙනෙක්ගෙන් හැමදාම වැඩේම විතරක් අරගෙන එයාව use කරන එක. හැබැයි අපි වෙනුවට අළුතින් කෙනෙක්ව වැඩේ කරන තැනට හිතට moral එකක් දීලා එයාගෙ අතින් වැඩේ නිම වුනොත් කොච්චර සතුටක් කෙනාට දැනෙයිද? අර කලින් හැමදාම එකම වැඩේට ගත්ත කෙනාට අළුත් වැඩකට පුරුදු කලොත් එයාට අත්දැකීම ජීවිතේට කොච්චර වටිනාකමක් දෙයිද?

ඉතින් මෙහෙම එයාලගෙ තියෙන දෙයින් එයාලව use කරනවා වෙනුවට එයාලට අළුත් දෙයක් දීලා එයාලගේ හැකියාවන්ට තැනක් අරන් දුන්නොත් එයාලට අපි ගැන මොන වගේ හැඟීමක් එයිදහැම යාළුවම වැදගත් මචන්...



Orders දෙන්නෙ නැතුව request කරන්න.

අපි ඊළඟට කරන ලොකුම මෝඩ කමක් තමයි අපිට දෙයක් කෙනෙක්ට කියලා කරවගන්න ඕනනම් එයා ඒක කළ යුතුමයි වගේ කියන එක.. ඉතින් කවුරු හරි අපිට එහෙම orders දීගෙන ආවොතින් කෙනා ගැන මොන වගේ ආකල්පයක්ද ඇති වෙන්නෙ? වැඩේ කරන්න හිතෙයිද

හැබැයි අපි කෙනෙක්ගෙන් වැඩක් කරගන්න ඕනනම් එයාගෙන් මෙහෙම කරලා දෙන්න පුළුවන්ද මචෝ වගේ request එකක් කලොත් එයාට බෑ කියන්න හිතෙයිද? මට නම් වගේ වෙලාවට මූණ බලාගෙන බෑ කියන්න බෑ. මාව ඒක කරන තැනටම මගේ ඔලුව වචන වලින් හදලා ඉවරයි.. ඉතින් අපි මෙහෙම මිනිස්සුත් එක්ක වැඩ කරද්දි එයාලට අපි ගැන මොන වගේ ආකල්පයක්ද දැනෙන්නෙ?



වැඩක් ඉවර වුනාම credit එක ගන්නවා වෙනුවට credit අනිත් අයට දෙන්න.

අපි ඊළඟට කරන ලොකුම ගොන්කම තමයි අපි අපිවම ලොකු කරගන්නවා.. ඇත්තටම අපිට එහෙම වර්ණනාවක් එන්න ඕනනම් ඒක අනිත් අය කරයි. අපිම කරගන්න ගියොත් අනිත් අයට වර්ණනා කරන්න නෙවෙයි ගහලා පන්නන්නයි හිතෙන්නෙ.. ඉතින් මෙහෙම කලොත්, අපි අපිට credit ගන්නවා වෙනුවට වැඩේ මහන්සි වෙලා කරපු අනිත් අයට දුන්නොතින් එයාලට කරපු වැඩේ ගැන සතුටක් දැනෙනවා නේද?

අනිත් පැත්තෙන් අපිට තැන හදලා දුන්නෙ මෙයානෙ කියලා අපිට ලැබෙන්න ඕන credit එක එයාල අපිට අරන් දෙන්නෙ නැද්ද? ඉතින් හිතලා බලන්න අපි අපිවම ලොකු කරගන්නවට වඩා මෙතනදි ලැබෙන දේ වටින්නෙ නැද්ද කියලා.. අපේ සම්පත් අපිම රැක ගමු...



මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා අපිට වගේ පිළිගැනීමක් ඇතිවෙන නායකත්වයක් හදාගන්න පුළුවන්.. ඒත් අපි එක දවසට ඔක්කොම කරන්න යනවට වඩා ටිකක් හරි හදාගත්තොත් දැනෙන සතුට එක්ක අපිට හොඳටම ඉන්න හිතෙයි.. ඉතින් අපි මෙතනින් තේරුම් ගන්න ඕන ලොකුම දේ තමයි අපි අපිට දෙයක් කරගන්නවට වඩා අපි අනිත් අයට දෙයක් කරනවානම් අපිට ලොකු සතුටකුත් නිකම්ම ලැබිලා අපිට ලැබෙන්න ඕන තැනත් ඉබේම ලැබෙනවා.. එහෙනම් අද ඉඳන් හිතට ගමු.. වෙනස් වෙමු අපි අනිත් අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් විදියට..

කලින් කතා කරපු හැම දෙයක්ම අපේ ජීවිතේ අපිත් අත්විඳලා තියෙනවා.. එහෙනම් ඇයි අපි හිතන්නෙ නැත්තෙ අපිට දැනුන වේදනාව අපි එහෙම කරද්දි අනිත් අයටත් දැනෙනවා ඇති නේද කියලා.. දකිමු වෙනස් විදියකට අපේම අත්දැකීම්, අරගමු ජීවිතේට වටිනා දෙයක් ඒවයින්..

ඔබට ජය..


No comments:

Post a Comment