මිනිස්සු උනාම තනියම ජීවත් වෙන්න බෑනෙ. බැරිකමක් නෑ. ඒත් මට හිතෙන විදියට එහෙම කරන්න ලොකු හයියක් ඕන වෙනවා. ඒ හයිය හදාගන්නකම් හරි සාමුහිකව ජීවත් වීම කියන දේ හැම කෙනෙක්ටම වටින දෙයක් වේවි. ඉතින් දැන් මේ අපි කතා කරන්න යන්නෙ එහෙම පිරිසක් එකතු වෙලා වැඩක් කරනකොට තියෙන්නම ඕන දෙයක් ගැන. මම නම් තාම ඉගෙනගන්න කෙනෙක්. ඒත් මටත් මෙ ප්‍රශ්නෙ ලොකුවටම බලපාලා තියෙනවා. ඉතින් මන් කල්පනා කරේ කිසිම දිනුමක් පැරදුමක් ලාබයක් නතුව සමානාත්මතාවයෙන් ඉගෙනගන්න තැනක උනත් හැම කෙනාම බලන්නේ අනිත් කෙනාව කපලා ඉදිරියට යන්න නම් අපි රැකියාවක් කරන්න ගිය දවසක එතන කොහොම වේවිද?
මෙතනදි තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අපි කැමති නෑ තව කෙනෙක් අපිට වඩා උඩින් යනවට. ඒත් ඇත්තටම අපේ වැඩෙත් හරියට කරගන්න ගමන් වටපිටාවේ ඉන්න අයගෙත් හිතේ සතුටත් තියාගෙනම අපේ වැඩේ කරගන්න පුළුවන්නම් එකේ සතුට කියලා නිම කරන්න බැරිවෙයි. මෙතනදි මන් හිතුව දේ තමයි අපි මොනවහරි වැඩක් කරන කොට එතන වැඩ කරන පිරිසක් සහ නායකයෝ කියලා දෙපිරිසක්
ඉන්නෙ. මේ නායකයෝ තමයි වැඩ කරවන්නෙ ඇත්තටම කිව්වොත්. ඉතින් එයාලාගෙ අපිට වඩා මොකක් හරි විශේෂත්වයක් තියෙන්න
ඕනේ. මන් දැකපු විදියට එතනදි වෙන වැදගත්ම දේ තමයි වැඩක් කරන කෙනාව අගය කරන එක. අගය කරනවා කියන්නෙ ඒ කෙනාට තෑගි බෝග දීලා ගරු සම්මාන දෙන එකට නෙමෙයි. අඩුගානෙ අපිත් එක්ක එකට එකතු වෙලා වැඩක් කරන කෙනාට වචනෙකින්වත් අගය කිරීමක් කරන්න පුලුවන්නම් එතන තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ නේද? ටිකක් හිතන්නකෝ මොනවහමහරි වැඩක් පටන් ගන්න කලින් නායකයෙක් කණ්ඩායමේ හැමෝම එකතුකරලා ඒ හැම කෙනාම ඒ වැඩේ කරන්න වැදගත් කියලා කියනවානම්, දැනෙන්න දෙනවානම් ඇත්තටම
කට්ටියටම වැඩේ මගහරින්න හිතෙන එකක් නෑ නේද කියලා.
උදාහරණයක් විදියට ඔයාම ගන්නකෝ. ඔයා කටහරි කෙනෙක්ට උදව්වක් කරනවා. ඔයා ඇත්තටම ඒ කෙනාගෙන් ඒ උදව්ව කරලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන්න පුලුවන්. එත් වැඩේ ඉවර උනාට පස්සෙ ඒ කෙනාගේ කටින් කිය වුනොත් අනේ මචන් ඇත්තටම ලොකු උදව්වක් කරේ, උඹ නැත්නම් මට ඒ දේ කරගන්න
තියා හිතාගන්නවත් බැරිවෙනවා කියලා. ඔයාට කොච්චර නම් සතුටක් දැනේවිද? ඇයි අපටත් අපේ කටින් නොමිලේ පිට කරන්න පුලුවන් වචන වලින් තව කෙනෙක්ට ඒ වගෙ සතුටක් ලබා දෙන්න බැරි? සමහරවිට වැඩක් කරන තැනකදි ඔයා කෙනෙක්ව ඒ විදියට කරන පුන්චි අගය කිරීමකින් ඒ කෙනාගෙ ජීවිතේම වුනත් වෙනස් කරගන්න එයාට හිතෙන්න පුලුවන්. ඇත්තටම මට ඒ වැඩේ එච්චර හොදට කරන්න පුලුවන් නම් ඇයි මන් ඒ පැත්තෙන් මගේ ගමන හදාගන්නෙ නැත්තෙ කියල ඒ කෙනාට හිතුනොත්? එතකොට ඔයා සමාජෙට කොච්චර ලොකු සේවයක්ද කරේ කියලා හිතලා බලන්නකෝ.
මන් හිතන්නේ මන් වගේම තමයි අනිත් හැම කෙනාමත්. හැමදාම බැහැලා වැඩක් කරන කෙනාට කවදාවත්ම අගය කිරීමක් ලැබෙන්නේ නැත්නම් ඒ කෙනාට වැඩ කරන එකත් එපාවෙන්න පුලුවන්. ඒ නිසා අපි ඒ වගේ අය රැකගමු. මහන්සියක් නෑ නේද තව කෙනෙක්ව අගය කරන්න. ඉතින් අද ඉදන් පටන් ගමු ඒ වැඩේ. එකපාරට අපේ සමවයසේ කෙනෙක්ට එහෙම කියන්න ලැජ්ජයි වගේ නම් පුංචි ළමයෙක්ව වචනෙකින් අගය කරලා බලන්නකෝ ඒ පොඩි එකාගෙ මූණෙ ඇඳෙන සතුට. කවදාවත් නවත්තන්න හිතෙන එකක් නෑ. ඉතින් අදම පටන් ගමු නේද? :)
No comments:
Post a Comment