Tuesday, April 21, 2015

හැම යාලුවම වැදගත් මචන්..

ඉතින් අපි කලින් දවසෙ කතා කලේ කට්ටියක් එකතු වෙලා වැඩක් කරනකොට ලග ඉන්න කෙනා කරන දේ අගය කරන්න පුලුවන්නම් ඒක ඇත්තටම ලොකු දෙයක් කියලානේ. කට්ටිය ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා වැඩේ කරන්න පොඩි උත්සාහයක් එහෙමත් ගන්න ඇති කියලා හිතනවා. අද කතා කරන්න හිතුවෙත් සාමූහිකව වැඩක් කරනකොට හිතන්න ඕන කියලා හිතුන තවත් දෙයක් ගැන. බලමුකෝ මොකක්ද මේ කියලා.. 



මෙහෙමයි අපි දැන් කට්ටියක් සෙට් වෙලා වැඩක් කරනවා කියලා හිතන්නකෝ. කණ්ඩායමක් ගත්තොත් අනිවාර්යෙන්ම නායකයෙක් ඉන්නවා. ඊළගට වැඩේ බර වැඩි කොටසක් කරට අරගෙන කරන පිරිසක් ඉන්නවා. තව වැඩක් කිව්වොත් දේ කරලා පැත්තකට වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. කටින් බතල හිටවන කියන්නෙ මෙලෝ වැඩක් කරන්නෙ නැති හැබැයි හැම වැඩේම කරනවා වගේ ඉන්න පිරිසක් ඉන්නවා. අන්තිමට ඉන්නෙ කිසිම වැඩක් කරන්නෙත් නැති හැබැයි කාටවත් කරදරේකුත් නැති හරිම සාමකාමී පිරිස. ඉතින් කවදාවත් එක විනාඩියක් අරගෙන ඔයාලා හිතල බැලුවද ඇයි මේ විදියට කට්ටිය වෙන් උනේ කියලා. 
මන් දකින විදියට ඇත්තටම එහෙම වෙන්න කිසිම උවමනාවක් නෑ කියලයි.මෙතනදි ඇත්තටම ලොකු වගකීමක් තියෙන්නේ නායකයට. මොකද නායකයෙක්ට පුලුවන් ඕනම කෙනෙක්ගෙන් වැඩක් ගන්න ඇත්තටම. පොඩ්ඩක් හිතන්න අපි අලුත්ම තැනකට ගිය කිය්ලා රැකියාවක් කරන්න. එතනදි අපිට වැඩ කරන්න වෙන්නෙ අලුත්ම පිරිසක් එක්කනේ. අපි දන්නේ නෑ එතන ඉන්න අයට කරන්න පුලුවන් වැඩ මොනවද කියලවත්. අන්න එතනට මන් මේ කියන දේ අනුගත කරගන්න පුලුවන්. මන් හිතන විදියට හැම කෙනාම වැදගත් වෙනව ඕනම වැඩක් කරන්න ගියාම. මෙයාට පුලුවන් මේ වැඩේ කරන්න, එයාට ඒක භාර දෙන්න, අරය තමයි හැමදාම වැඩේ කරන්නෙ එයාට ඒක දෙන්න. එහෙම කියලා කිසිම කෙනෙක්ව බෙදාගන්න යන්නෙපා. සමහරවිට දුවලා පැනල වැඩ කරන්නෙ නැති මන් අර මුලින් කිව්ව අන්තිම පිරිසෙ ඉන්න පුලුවන් අපිට හිතාගන්නවත් බැරි විදියට මොනවහරි දේකට දක්ශ කෙනෙක්. ඉතින් ඇයි අපි හැමදම පොඩ්ඩක් ඉස්සරහට ඇවිත් වැඩක කරන අයගෙන්ම වැඩ ගන්නෙ? මන් කියන්නේ නෑ වගේ කට්ටිය අතෑරලා දාන්න කියලා. එයාලාවත් අගය කරන්න. ඇත්තම කිව්වොත් කොහෙහරි තනකදි එයාලත් හැන්ගිලා ඉන්න ඇති. ඒත් කවුරුහරි කෙනෙක් එයාලගෙන් වැඩක් ගත්ත නිසා අද එයාල තැන ඉන්නවා. ඉතින් ඇයි අපි එවගෙ තව සෙට් එකක් හදාගන්නෙ නැත්තේ?


අන්න නිසා තමයි මන් කිව්වේ අපි ළග ඉන්න හැම කෙනාම වැදගත් කෙනෙක් කියලා. අර කතාවකුත් තියෙන්නේ හැම යාලුවාම වැදගත් මචන් කියලා. ඒක නිස මේ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේද? මෙහෙමයි මේක එකපාරට කිව්වට කරන්න අමාරු වැඩක්. හිතන්නකො කට්ටියක් ඉන්නවා අපි කොහොමද අදුරගන්නේ මෙයාට මේ දේ පුලුවන් හැබයි කරන්න පොඩ්ඩක් ලැජ්ජවෙන් ඉන්නෙ වගේ කියලා. ඒකට තමයි අපේ අර ඉව පොඩ්ඩක් ඕන වෙන්නෙ. හැම කෙනා ගැනම සෙවිල්ලෙන් ඉන්න. වැරදෙන්න පුලුවන්. ඒත් අවදානම ගන්න. ලග ඉන්න හැම කෙනාටම වැදගත්කමක් දීලා එයාගෙන් වැඩක් ගන්න බලන්න. මෙතනදි අපි කලින් දවසේ කතා කරපු අනිත් කෙනාව අගය කරන එක යොදාගන්න. මොකද අපි උනත් කැමතිනෙ කවුරුහරි අපිව අගය කරනවානම්.  


මට අද ඇත්තටම කියන්න ඕන උනේ ඔන්න ඔය කතාව තමයි. මේ ලෝකෙ ඉන්න හැම කෙනාගෙම මොකක් හරි වටිනාකමක් තියෙනවා. හැන්ගිලා තියෙන දක්ශතාවයන් ඉදිරියට ගන්න බලමු. ඔයාට ගොඩක්ම ළගින් ඉන්න යාලුවෙක්ගෙන්ම වැඩේ පටන් ගන්නකෝ. ඔයාට තව කෙනෙක්ගෙ හැකියාවක් ඉස්මතු කරලා පෙන්නන්න පුලුවන් නම් ඒක කෙනාට විතරක් නෙමෙයි සමාජෙටම කරන්න පුලුවන් ලොකු සේවයක් වෙයි. ඉතින් එහෙනම් මතකයිනෙ හැම යාලුවම වැදගත් මචන්... :)

No comments:

Post a Comment