අලුත් දෙයක් කියලා හැමෝටම හිතෙනවා ඇති. ඇත්තටම වෙනස් දෙයක් තමයි. ඒත් අළුත් දෙයක් නම් නෙමෙයි. අපි ගොඩක් දේවල් ගැන අද ඉදන් කතා කරමු. හැබැයි ඒ හැම දෙයක්ම අපි අතරේ එදිනෙදා වෙන දෙවල්. සමහර වෙලාවට ඔයාලා ඉගෙනගන්න කෙනෙක් වෙන්න පුලුවන්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඊට වඩා වෙනස් දෙයක් කරන, නැත්නම් කරන්න දෙයක් නැතුව ඔහේ නිකන් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. කවුරු උනත් සමාජේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට හැම කෙනෙක්ටම එක මොහොතකට හරි හිතිලා ඇති ඇයි අපි මේ විදියට ජීවත් වෙන්නේ, මොකක්ද මේ දේවල් වල තේරුම කියලා.
ඒ කියන්නෙ හැම කෙනෙක්ටම ඇති මොකක් හරි සිද්ධියක් දැක්කම, වටපිටාවෙ දෙයක් උනාම ඒ දේ ගැන තමන්ගෙම කියලා ආකල්පයක්. මේ උන දේ හරි, නැත්නම් වැරදියි.. මේ දේ වෙන්න තිබුනෙ මීට වඩා වෙනස් විදියකට. අපි නොදන්නවා වුනාට අපි හැම කෙනෙක්ගේම හිත අැතුලෙ විචාරකයෙක් හිරවෙලා ඉන්නවා. ඒත් ගොඩක් අය හිතනවා අනේ මන් මේ හිතන දේ ඇත්තටම හරිද වැරදිද, මන් මගේ හිතේ තියෙන අදහස කිව්වොත් අනිත් අය මන් ගැන මොනව හිතාවිද කියලා. ඉතින් සිතේ විත්ති වලින් අපි මේ වගේ දේවල් ගැන කතා කරමු. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අපි ලොකුවට හිතන්නෙ නැති ඒත් අපේ අවධානය අැත්තටම යොමු වෙන්න ඕන පැතිකඩ බොහොමයක් ගැන කතාකරමු. මෙහෙම කිව්වට සමහරවිට තෙරෙන්නෙ නැති වෙන්නත් පුලුවන්. අපි වැඩේ පටන් අරගෙනම බලමුකෝ මොකක්ද මේ කියන්නෙ කියලා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. සිතේ විත්ති එක්ක අපි බෙදාගමු අපේ අත්දැකීම්... :)
No comments:
Post a Comment