කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරනකොට අපි තුළින්ම හදාගන්න පුළුවන් කියලා හිතුන ගොඩක් දේවල් ගැන අපි දැන් කතා කලානෙ. මීළගට ටිකක් වෙනස්ම පැත්තක් ගැන කතා කරොත් හොදයි කියලා හිතුනා. මටත් මේක හිතුනෙ පොඩි සිද්ධියක් දැක්කට පස්සෙයි ඇත්තටම. මුලින්ම කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා ඉන්නම්කෝ. අද අපේ මාතෘකාව වෙන්නෙ පොඩිහිටියෝ ගැන. ඒ කිව්වෙ අපේම පොඩි උන් ගැන. මෙතනදි මන් තව විශේෂ කරලා කියන්නම් අවුරුදු දහයට විතර අඩු කස්ටිය ගැන තමයි අපේ මේ අවධානය.
Thursday, April 23, 2015
Wednesday, April 22, 2015
Tuesday, April 21, 2015
හැම යාලුවම වැදගත් මචන්..
ඉතින් අපි කලින් දවසෙ කතා කලේ කට්ටියක් එකතු වෙලා වැඩක් කරනකොට ලග ඉන්න කෙනා කරන දේ අගය කරන්න පුලුවන්නම් ඒක ඇත්තටම ලොකු දෙයක් කියලානේ. කට්ටිය ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා ඒ වැඩේ කරන්න පොඩි උත්සාහයක් එහෙමත් ගන්න ඇති කියලා හිතනවා. අද කතා කරන්න හිතුවෙත් සාමූහිකව වැඩක් කරනකොට හිතන්න ඕන කියලා හිතුන තවත් දෙයක් ගැන. බලමුකෝ මොකක්ද මේ කියලා..
Sunday, April 19, 2015
අපේ සම්පත් අපිම රැකගමු..
මිනිස්සු උනාම තනියම ජීවත් වෙන්න බෑනෙ. බැරිකමක් නෑ. ඒත් මට හිතෙන විදියට එහෙම කරන්න ලොකු හයියක් ඕන වෙනවා. ඒ හයිය හදාගන්නකම් හරි සාමුහිකව ජීවත් වීම කියන දේ හැම කෙනෙක්ටම වටින දෙයක් වේවි. ඉතින් දැන් මේ අපි කතා කරන්න යන්නෙ එහෙම පිරිසක් එකතු වෙලා වැඩක් කරනකොට තියෙන්නම ඕන දෙයක් ගැන. මම නම් තාම ඉගෙනගන්න කෙනෙක්. ඒත් මටත් මෙ ප්‍රශ්නෙ ලොකුවටම බලපාලා තියෙනවා. ඉතින් මන් කල්පනා කරේ කිසිම දිනුමක් පැරදුමක් ලාබයක් නතුව සමානාත්මතාවයෙන් ඉගෙනගන්න තැනක උනත් හැම කෙනාම බලන්නේ අනිත් කෙනාව කපලා ඉදිරියට යන්න නම් අපි රැකියාවක් කරන්න ගිය දවසක එතන කොහොම වේවිද?
Saturday, April 18, 2015
මොකක්ද මේ සිතේ විත්ති..
අලුත් දෙයක් කියලා හැමෝටම හිතෙනවා ඇති. ඇත්තටම වෙනස් දෙයක් තමයි. ඒත් අළුත් දෙයක් නම් නෙමෙයි. අපි ගොඩක් දේවල් ගැන අද ඉදන් කතා කරමු. හැබැයි ඒ හැම දෙයක්ම අපි අතරේ එදිනෙදා වෙන දෙවල්. සමහර වෙලාවට ඔයාලා ඉගෙනගන්න කෙනෙක් වෙන්න පුලුවන්, රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුලුවන්, ඊට වඩා වෙනස් දෙයක් කරන, නැත්නම් කරන්න දෙයක් නැතුව ඔහේ නිකන් ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්. කවුරු උනත් සමාජේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට හැම කෙනෙක්ටම එක මොහොතකට හරි හිතිලා ඇති ඇයි අපි මේ විදියට ජීවත් වෙන්නේ, මොකක්ද මේ දේවල් වල තේරුම කියලා.
Subscribe to:
Comments (Atom)
