කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරනකොට අපි තුළින්ම හදාගන්න පුළුවන් කියලා හිතුන ගොඩක් දේවල් ගැන අපි දැන් කතා කලානෙ. මීළගට ටිකක් වෙනස්ම පැත්තක් ගැන කතා කරොත් හොදයි කියලා හිතුනා. මටත් මේක හිතුනෙ පොඩි සිද්ධියක් දැක්කට පස්සෙයි ඇත්තටම. මුලින්ම කතා කරන්න යන්නේ කවුරු ගැනද කියලා ඉන්නම්කෝ. අද අපේ මාතෘකාව වෙන්නෙ පොඩිහිටියෝ ගැන. ඒ කිව්වෙ අපේම පොඩි උන් ගැන. මෙතනදි මන් තව විශේෂ කරලා කියන්නම් අවුරුදු දහයට විතර අඩු කස්ටිය ගැන තමයි අපේ මේ අවධානය.
මෙහෙමයි ඕනම ගෙදරක ඉන්නවනේ පොඩි සෙට් එකක්. තමන්ගෙ සහෝදර සහෝදරියෝ ටිකක් ලොකු උනත් නෑදෑයොන්ගෙ හරි අහල පහල ගෙවල් වල හරි අනිවාර්යෙන්ම ඉන්නවනෙ පොඩි ළමයි. ඉතින් කවදාවත් හිතුවද අපි එයාල එක්ක ඉන්න ඕන කොහොමද කියලා. ඇත්තම කිව්වොත් කවුරුත් හිතන්නෙ නෑ ඒක. මොකද හැමෝම හිතාගෙන ඉන්නෙ අපි ලොකුයි, ළමයි කවුරුත් අපි කියන දේ අහගෙන ඉන්න ඕන කියලයි. ඒත් ඇත්තම කතාව, වෙන්න ඕන ඒකෙ අනිත් පැත්ත නේද?. මොකද අපිට තෙරෙනව කරන්න ඕන මොකක්ද, නැත්තෙ මොකක්ද කියලා. ඇයි එයාල මෙහෙම කියනවා ඇත්තේ? ඇයි ඒ විදියට පොඩ්ඩක් එයලගෙ පැත්තෙන් අපට හිතන්න බැරි?
මුල ඉදන්ම සිද්ධිය කියන්නම්කෝ. නිවාඩු වෙලාවක් හම්බුනා කියන්නකො ගෙදර ඉන්න වෙලාවක. මොනවාහරි වැඩක් කරන්න ගත්තා අපි. වැඩෙත් එච්චර වැදගත්ම දෙයක් නෙමෙයි. ටිකක් වෙලා යනකොට මෙතනට එනවා පොඩි ළමයෙක්. අවුරුදු 5ක් විතර කියලා හිතමු. අපිත් ඉතින් කම්මැලිකමේනේ හිටියෙ. පොඩි එකා ආව ගමන් ඉතින් මාර ආතල්. හුරතල් කතා කියනවා, තොර තෝන්චියක් නැතුව කියවනවා. පාලු නෑ. පොඩ්ඩක් වෙලා යනකොටත් මේ හැඟීම එ් විදියටම තියේවිද අපේ? එපාවෙනවනේ ඇත්තටම. ඊට පස්සෙ ඉතින් පොඩි එකා මොනව කරත් වැරදියි. යන්නෙ කොයි වෙලාවෙද කියලා තමයි බලන් ඉන්නේ.
හැබැයි අපි එයාලාව කරදරයක් විදියට නොහිතා එයාලගේ මේ හැසිරීම වෙනස්ම විදියකට දැක්කොත් අපිට එයාලගෙ හැංගිලා තියෙන හැකියාවක් දකින්න පුලුවන් වෙයි. අපි එයාලගේ මේ හැකියාවන් යටපත් වෙන්න නොදී එයලවත් ඉස්සරහට අරන් යමු. උදාහරණයක් කියන්නම්, අපි සාමාන්‍යයෙන් පොඩි ළමයෙක් මොනවා ඉල්ලුවත් දෙන්න බයයිනෙ කඩලා දායි කියලා. පොඩි අවදානමක් අරගන්න ඒකට. දීලා බලන්න. සමහරවිට හිත ඇතුලෙ අලුත්ම අදහසක් ඇති එයාලගෙ. පොඩ්ඩක් එයාලා එක්ක කතා කරලා බලන්න. සමහරවෙලාවට කියන දෙවල් ඇත්තටම බොරු තමයි. කතා හද හද කියනවනෙ පොඩි උන්. ඒත් කව්ද දන්නෙ ඇත්තටම එ් හැකියාව නැතිවෙන්න නොදී
ඉස්සරහට අරන් ගියොත් හොඳ රචකයෙක් බිහිවෙන්න පුලුවන්. ඒ නිසා මේ කිව්ව දේ ගැන පොඩ්ඩක් හිතලා බලමු නේද?. හැබැයි දෙයක් කියන්නම ඕන එයාලව වැරදි පැත්තට යවන දෙවල් නම් එයාගෙ හැසිරීම් වල තියෙන්නෙ, ඒවට වැරදිලාවත් අනුබල දෙන්න එපා. අපි කරන්න ඕන මේ පුංචි පැටව් ගාව හැංගිලා තියෙන ලස්සන දේවල් ටිකත් වයසත් එක්ක හැංගිලා යන්න නොදී රැකගන්නයි.
මේ කියන දේ ගැන ගොඩක් අය හිතයි මේක වැදගත් දෙයක් නෙමෙයි කියලා. දක්ෂතාවය තියෙන කෙනා කොහොමත් ඉස්සරහට එනවා නේද කියලා හිතෙයි. ඒත් ඔයාලගේ ඒ අදහස අනිවාර්යෙන්ම වෙනස් වෙයි අර කිව්ව විදියට පුළුවන් නම් විනාඩි 30ක් නිදහසේ පොඩි ළමයෙක් දිහා බලන්න. ඔයා අනිවාර්යෙන්ම එයා ළග තියෙන මොනවමහරි විශේෂ දෙයක් දකීවි. ඊළගට ඔයාට හිතෙයි සමහරවිට මන් දැක්කෙ නැත්නම් මේක කවුරුත්ම දකින එකකුත් නෑ නේද කියලා. එහෙම හිතුනොතින් නම් අනිවා ඒ ළමයාගේ ඒ හැකියාව වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරන්න බලන්න. අපිට ඕන නිකමෝ පිරිසක් නෙමෙයිනෙ අපේ රටට. මේ වගේ දෙයක් කරලා ලැබෙන සතුට වෙන කිසිම දෙකින් ගන්න බැරි වෙයි. ඒ නිසා අද කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු නේද?
ආ තව වැදගත්ම දෙයක් කියන්න අමතක උනානේ. මේ දේ කරන්නෙ ඒ ළමයගෙ අනාගතය වෙනුවෙන් උනාට පොඩි උන් එක්ක දෙයක් කරනකොට මාරම ආතල් එකක් තියෙනවා. වැඩිය බැරෑරුම් වෙන්න ගිහින් ඒ ආතල් එක අමතක කරන්න එපා හොඳේ. අපෙ හිතේ තියෙන දුකත් අමතක වෙලා යනවා එයාලා එක්ක ඉන්න කොට. එ් සතුටත් මේත් එක්කම විඳගමු. අපට ආයේ පොඩි කාලෙට යන්න බෑනේ. එහෙනම් මේ දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්නකෝ.
No comments:
Post a Comment