ඉතින් සිතේ විත්ති වලින් අපි සමාජෙ කවුරුත් වැඩිය හිතන්නෙ නැති ගොඩක් වෙනස් පැති ගැන කතා කලානෙ. අදත් ඒ වගේ දෙයක් අරගෙන තමයි ආවේ. කොහොමද ඒක ගැන කියන්නෙ කියලා කල්පනා කරාම මට මේ වගේ අදහසක් හිතට ආවා. ගොඩක් වෙලාවට සිතේ විත්ති වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ළමා වයස පහු කරපු අය කියලා හිතනවා. ඉතින් අද ඔයාලා ඉන්න වයසත් එක්ක පොඩ්ඩක් ළමා කාලයට ගිහින් මන් මේ කියන දේත් එක්ක ටික ටික ඉදිරියට ඇවිත් හිතලා බලන්නකෝ. මෙහෙමයි පොඩි කාලෙ ගෙදරදි, පාසලේදි, නෑදෑ ගෙදරකදි එහෙමත් නැත්නම් යාලුවො එක්ක ඉන්නකොට අපට වැඩියෙන්ම දුකක් දැනිලා තියෙන්නෙ මොන වගේ වෙලාවල් වලද කියලා මතකද?