ඉතින් සිතේ විත්ති වලින් අපි සමාජෙ කවුරුත් වැඩිය හිතන්නෙ නැති ගොඩක් වෙනස් පැති ගැන කතා කලානෙ. අදත් ඒ වගේ දෙයක් අරගෙන තමයි ආවේ. කොහොමද ඒක ගැන කියන්නෙ කියලා කල්පනා කරාම මට මේ වගේ අදහසක් හිතට ආවා. ගොඩක් වෙලාවට සිතේ විත්ති වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ළමා වයස පහු කරපු අය කියලා හිතනවා. ඉතින් අද ඔයාලා ඉන්න වයසත් එක්ක පොඩ්ඩක් ළමා කාලයට ගිහින් මන් මේ කියන දේත් එක්ක ටික ටික ඉදිරියට ඇවිත් හිතලා බලන්නකෝ. මෙහෙමයි පොඩි කාලෙ ගෙදරදි, පාසලේදි, නෑදෑ ගෙදරකදි එහෙමත් නැත්නම් යාලුවො එක්ක ඉන්නකොට අපට වැඩියෙන්ම දුකක් දැනිලා තියෙන්නෙ මොන වගේ වෙලාවල් වලද කියලා මතකද?
හැමෝම කල්පනා කරගෙන ගිහින් එකම තැනක හිත නතරවෙලා ඇති කියලා හිතනවා. මට නම් පොඩි කාලේ විතරක් නෙමෙයි දැන් උනත් වැඩිපුරම දුකක් හිතට දැනෙන්නේ කවුරුහරි කෙනෙක් මට බැන්නොතින් තමයි. පොඩි කාලෙ නම් ඉතින් අපි හැමෝම කවුරුහරි බැන්නොතින් තොරතෝන්චියක් නැතුව අඬනවනේ. දැන් එහෙම අඬන්නත් බෑනේ. ඇත්තටම අපට බැනුම් අහන්න වෙන එක ගැන වෙනම කතා කරන්න තරම් දේවල් තියෙනවා. එත් අද කතා කරන්න කියලා හිතුවේ ඒ ගැන නෙමෙයි. මුලින්ම ඒ දුක ගැන මතක් කලේ අද කියන්න යන දේට ඒ දුක ගැන මතක් කලොත් ලොකු බලපෑමක් වෙයි කියල හිතුන නිසයි.
ඉතින් හැමෝම එකම එක දවසක් හරි කාගෙන් හරි බැනුමක් අහලා ඇතිනේ නේද? අම්මා තාත්තා ගෙන් උනත් වෙන්න පුලුවන්. සමහරවිට අපි කරපු වැරද්දකට වෙන්නත් ඇති ඒ කෙනා බනින්න ඇත්තෙ. මොකද නිකන් හේතුවක් නැතුව තවත් කෙනෙක්ට බනින්න නම් ඉතින් ඒ කෙනාට පිස්සු වෙන්න ඕන. දැන් වැරද්දක් ඇතුව හරි නැතුව හරි අපි කාගෙන්හරි බැනුමක් ඇහුවා කියන්නකො. සිරාවටම මාර දුකක් හිතෙනවා නේද? සමහරවිට අපි කරපු වරද මොකක්ද කියලා පස්සෙ කල්පනා කරාම තේරෙනවා ඉතින්. ඒත් අර බැනුම් අහපු වෙලාවෙ හිතට දැනුන හැගීම ලොකු කලකිරීමක් වෙලා අන්තිමට වැඩක් කරන්න උනත් එපාවෙන්න පුලුවන් කෙනෙක්ට. මෙහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඔය තරම් හිතේ හයියක් නැතුව නම් ඉතින් ජීවත් වෙන්න අමාරුයි නේද කියලා. ඔව් ඒක නම් ඇත්ත. ඒත් පොඩ්ඩක් අපිට උනත් එහෙම බැනුමක් ඇහුවම ලොකු දුකක් හිතට දැනෙනවා නේද කියල ටිකක් හිතලා බලන්න.
ඉතින් ඒ විදියටම අනිත පැත්තට පොඩ්ඩක් හිතලා බලමුකෝ අපි මොනව හරි වැඩක් කරන්න ගිහින් වෙන කෙනෙක් අතින් උන වැරද්දකට එයාට බැන්නා කියලා. එතකොට ඒ කෙනාටත් අපිට අර දැනුන දුක ඒ විදියටම දැනෙනවා ඇති නේද? ඉතින් අපි ඇත්තටම කරන්න ඕන වැරද්දක් උන පලියට ඒ මනුස්සයට අඩිය පොලවේ හප්පගෙන කෑගහන එකද? ගොඩක් කට්ටිය හිතන්නේ අපි එහෙම කෑගැහුවම ඔක්කොම හරි ආයෙ ඒ වගෙ දෙයක් වෙන්නෙ නෑ කියලා. එත් අපි අර වැරද්දක් කරලා කෑ ගහපු කෙනා සමහර විට දන්නෙත් නැතිවෙන්න පුලුවන් අපි මේ එයාට බැන්නේ මොකටද කියලාවත්. අපිටත් එහෙම වුන වාර අනන්තවත් තියෙනවනේ. ඉතින් අපි මේ වගේ වෙලාවක කරන්න ඕන මොකක්ද කියල ඇත්තටම කාටවත් හිතිලා තියෙනවද?
ඒ ප්‍රශ්නෙට උත්තරෙත් අර අපි පටන් ගත්ත විදියටම හිතලා බැලුවොතින් මොකද? ඉස්කෝලෙදි අපට උගන්නපු ගණිත ගුරුවරු දෙන්නෙක් ගැන පොඩ්ඩක් හිතන්නකෝ.අපි හදන්න දීපු ගාණක් වරද්දලා හදලා.
එක ගුරුවරයෙක් අපි වරද්දපු තැන පෙන්නලා දීලා, ඒ කරපු විදිය වැරදි කියලා, ඒ ගාණ හරියට හදන හැටිත් කියලා දෙනවා. අනිත් ගුරුවරයා එහෙම නෙමෙයි. එයා අපි හදපු එක වැරදි කියලා මුලු පන්තියටම ඇහෙන්න කෑගහලා පොතත් විසි කරලා දාලා නිකන් ඉන්නවා. එතනදි හරි දේ කරේ කව්ද කියලා තෙරේනවා නේද? අන්න ඒ වගේ තමයි කාගෙ හරි අතින් වරදක් උනාම අපි කරන්නත් ඕන ඒ කෙනාට බනින එක නෙමෙයි. සිද්ධ උනේ මොකක්ද, ඇයි එහෙම උනේ කියලා හොයලා බලලා ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන විදියට ඒ කෙනාට පැහැදිලිව හරි වැරැද්ද කියලා දෙන එක නේද?
සමහරවිට තැනකදි කෙනෙක්ට නොබැනම බැරි අවස්ථාවක් එන්න පුලුවන්. ඒ වගේ වෙලාවකදි නොබැන කර බාගෙන ඉන්න නෙමෙයි. තරවටු කරන්න, බනින්න ඕන තැනදි අනිවාර්යෙන්ම ඒ දේ කරන්න. එත් එහෙම කරේ ඇයි කියන එකත් අනිත් කෙනාට පැහැදිලිව කියලා දෙන්න බලන්න හැමවෙලාවෙදිම. ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා නේද ඇත්තටම? පොඩ්ඩක් හිතන්නකො එතකොට අර අපි මුලින්ම ඇති උන හිතේ කණගාටුව එහෙම තෙරුම් කරලා දෙනවානම් එන්නේ නෑ නේද කියලා. බැන්නා උනත් ඒ කෙනා අපට බැන්නෙ වැරද්දක් දකලා එක හදන්න නේද කියලා හිතෙනවනෙ. ඉතින් එතකොට අපේ වැඩ ටික අවුල් යන්නෙත් නෑනෙ. එහෙම තේරුම් කරලා දෙන්න පුලුවන්නම් අපිට අනිත් කෙනා ගැන තියෙන විශ්වාසයත් වැඩිවෙලා වැඩෙත් සුපිරියටම වෙනවා. බැදීමත් වැඩිවෙනවා. ඒ වගේම වැරැද්ද උන තැන තේරුම් කරලා දීලා ඒක හදගත්තොතින් ආයෙමත් ඒ වරද ඒ කෙනා අතින් වෙන්නෙ නැති වෙයි නේද?
ඉතින් ඇයි නිකන් වැරද්දක් උනාම ඒ කෙනාට හොදටම බැනලා අපේ mood එකත් අවුල් කරගෙන ඒ කෙනාවත් අවුල් කරගන්නේ? ඒකෙන් ඇති වෙන හොඳක් නෑ නේද? ඒ නිසා අපි කලින් තේරුම් ගත්ත විදියට අනිත් අයට බනින එක ටිකක් අඩු කරමු නේද? බැන්නත් ඒ මොකටද කියන එක ඒ කෙනාට පැහදිලිවම කියලා දෙමු. වැරද්දක් උනත් ඒ වැරද්ද අපි යාලුවො වගේ හොදින් කතා කරලා හදාගමු. වැරදි වෙන එක මිනිස්සුන්ගෙ ස්වභාවයනෙ ඉතින්. ඒක තෙරුම් අරගෙන හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න බලමු අපි. පොඩ්ඩක් අනිත් අයට බනින එක අඩු කරලා හොදින් දෙයක් කියලා දෙන්න උත්සාහ කරලා බලමු නේද එහෙනම්. අනිවා ඔයාගේ වටේ ඉන්න යාලුවො ගානත් වැඩිවෙයි, එයාලගෙ ඔයා ගැන තියෙන විශ්වාසයත් වැඩිවෙයි... :)
No comments:
Post a Comment